උසස් අධ්‍යාපනයට ඔබට හොඳටම ගැලපෙන ක්ෂේත්‍රයක් තෝරාගන්නේ කොහොමද?

June 13, 2022

උසස් පෙළින් පස්සේ මොකද කරන්නේ?

මේක බොහෝ දෙනාට තියෙන ප්‍රශ්නයක්. “ විශ්වවිද්‍යාලයකට ඇතුලත් වනවාද ? නැතිනම් වෙනත් පුද්ගලික ආයතනයක පාඨමාලාවක් හදාරන්න පටන්ගන්නවද? එහෙමත් නැතිනම්  රැකියාවකට ගිහින් එකත් කරන ගමන් Parttime cousre එකක් කරනවද? Online උසස් අධ්‍යාපනයට  යොමු වෙනවද? ප්‍රශ්න ගොඩක් එක්ක ඔබට යා හැකි මාවත් රැසක්  ඔබට පෙනෙන්න පටන් ගන්නවා.ඉතාමත් අතළොස්සක් පමණක්  සාමාන්‍ය පෙළ විභාගයේ දී පටන්ම තමන්ගේ අනාගතයේ  යෙදෙන්නට කැමති  වෘත්තිය ක්ෂේත්‍රය මොකද්ද කියන කරුණ හොඳින් අවබෝධ කරගෙන උසස් පෙළ විභාගයටත් සැලසුම් සහගතව මුහුණ දී , උසස් අධ්‍යාපනය ඒ ඔස්සේ විධිමත්ව කරගෙන ගියත් බොහෝ දෙනෙක්ට ඒ ගැන නිසි  අවබෝධයක් හෝ සැලසුමක් නෑ. 

ඉතින් ඔබත් තවමත් උ සස් අධ්‍යාපනයට ඔබට හොඳටම ගැලපෙන ක්ෂේත්‍රයක් තෝරාගන්නේ කොහොමද? කියන ප්‍රශ්නය කල්පනා  කරමින්  සිටින  කෙනෙක් නම්  අපි මේ ලිපිය ඔබ වෙත ගෙන එන්නේ උසස් අධ්‍යාපනයට ඔබට වඩාත්ම ක්ෂේත්‍රය තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද පිළිබද  ඔබට හොඳ අවබෝධයක් ලබා දීම උදෙසාමයි  

  1. මුලින්ම තමන් පිළිබඳව තේරුම්  ගන්න.

ඔබ මුලින්ම ඔබ ගැන  දැනුවත් විය යුතුයි. ඔබ කැමති කුමන ක්ෂේත්‍රයකින් ඉහළට යන්නද ඔබේ හැකියාවන් මොනවාද? ඔබේ දුර්වලතා මොන වගේද ?යන්න හොඳින් තේරුම් ගැනීම  තමයි පළවෙනි පියවර.

මිතුරන් හෝ වෙනත් පාර්ශවයන් විසින් ඔබට ඔබට යෝජනා කල නිසා යම්කිසි ක්ෂේත්‍රයක් තෝරාගෙන ඒ ඔස්සේ ඔබේ උසස් අධ්‍යාපනය කරගෙන යන එක නම් කිසිම වෙලාවක කරන්න එපා. ඔබට අනාගතයේ ඇත්තටම කළ යුත්තේ මොකක්ද යන්න පිළිබඳ ඔබට  පැහැදිලි  අදහසක් තනිව ලබාගන්න  බැරිනම්  අන්තරජාලය ඔස්සේ ඔබට පුළුවන් විවිධාකාර ක්ෂේත්‍රයන් වල ස්වභාවය ගැන සොයා බලන්න.

  2.ඔබ කැමති ක්ෂේත්‍රයන් කිහිපයක් තොරගෙන ලැයිස්තුවක් සකසන්න 

පළවෙනි පියවරෙන් ඔබ සොයාගන්නා ඔබට ගැලපෙන ක්ෂේත්‍ර⁣යන් කිහිපයක ලැයිස්තුවක් සාදාගෙන ඒ ඒ අංශයන් ඔස්සේ උසස් අධ්‍යාපන ලැබූ පසුව ඔබට ලැබෙන රැකියා අවස්ථා, පිළිගැනීම, ආත්මතෘප්තිය වගේම වැටුප් ප්‍රමාණය ගැනත් සොයා බැලීමක් සිදු කිරීම මීළඟ පියවරයි

ඉන්පසු ඒ සියල්ල සලකා බලමින් ඔබට නොගැපෙනවායැයි හැඟෙන ක්ෂේත්‍ර⁣ එකින් එක ඔබේ ලැයිස්තුවෙන් කපා හරින්න. එසේ කිරීම මගින් ඔබට පුළුවන් උසස් අධ්‍යාපනය සඳහා ඔබට වඩාත්ම සුදුසු සහ ඔබ වඩාත්ම කැමති ඔබගේ අනාගත ඉලක්ක බලාපොරොත්තු පහසුවෙන් සපුරාගත හැකි ක්ෂේත්‍රයක් තෝරාගන්න.

  1. විධිමත් සැලැස්මක් සකස් කරගන්න.

දැන් ඔබ විසින් ඔබ උසස් අධ්‍යාපනය ලබන ක්ෂේත්‍ර⁣ය තෝරාගෙන අවසන්. දැන් ඔබ කළ යුතු වන්නේ උසස් අධ්‍යාපනය ලබා ගන්නා ආකාරය පිළිබඳ විධිමත් සැලසුමක් සකස් කිරීමයි.

උදාහරණයක් විදිහට ඔබ රජයේ විශ්ව විද්‍යාලයක ඇති  පාඨමාලාවකට ඇතුළත්  වීමට සැලසුම් කරනවා නම් ඔබ මුලින්ම  කල  යුත්තේ උසස් පෙළට  ප්‍රමාණවත් ලකුණු ප්‍රමාණයක් ලබාගැනීමයි, ඒ නැතිනම්  ඔබට පුද්ගලික විශ්ව විද්‍යාලයකට ඔබේ උසස් අධ්‍යාපන කටයුතු කරගෙන යාමටත් පුළුවන්.

එසේත් නැතිනම් ඔබට රැකියාවක් සඳහා අයදුම් කර  එහි නිරතවෙන අතරතුරෙදීම් වෙනත් පුද්ගලික ආයතනයක පූර්ණ කාලීන නොවන පාඨමාලාවක නිරතවෙමින්, රැකියාවේ  අත්දැකීම්ද එකතු කරගනිමින් ඔබේ උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වන්නටපුළුවන්.

අප මේ ඉහතින් දක්වා  ඇත්තේ ඔබට යා හැකි මාර්ගයන් කිහිපයක් පමණයි. මීට අමතරව ඔබට අවශ්‍ය නම් අන්තර්ජාලය හරහා විදේශ  විශ්ව විද්‍යාලයක පාඨමාලාවකට ඇතුළත්  වීම, විදෙස්ගතව උසස් අධ්‍යාපන කටයුතු  වල නිරතවීම  වැනි මාර්ග  රැසක්  විවරව පවතිනවා.

ඔබ කුමන ක්ෂේත්‍රයක් තෝරාගෙන මේ කුමන මාර්ගයක් ගමන් කරනවාද යන්න ඔබ විසින් වරක් දෙවරක් නොව කිහිපවරක්ම සිතා බලා, මනා ලෙස සැලසුම් කර සිදුකරන්නේ නම් ඔබේ උසස් අධ්‍යාපන කටයුතු ඉතාම පහසුවෙන් වගේම සතුටින් කරගන්නටත්, ඒ ඔස්සේ ඔබේ වෘත්තීය ජීවිතය සාර්ථක කරගෙන ඔබේ සිහින සියල්ල මල් පළ ගන්වා ගන්නටත් ඉතාම පහසු වෙන බවනම් අපට නොඅනුමානයි.

තවත් මේ වගේ ඔබේ වෘත්තිය ජීවිතයට සහ අධ්‍යාපන කටයුතු වලට වැදගත් වන  දේවල් රැසක් දැනගන්න ඔබත් අදම http://www.esiphala.lkවෙත පිවිසෙන්න.