Course Structure

15 Lesson
0 Quizzes

Time

50 hours

Level

beginner

Investment

990.00 LKR

Introduction to Linux in Sinhala | Linux සරල සිංහලෙන් (LFS101x)

ඔබ සාමාන්‍ය පරිගණක පරිශීලකයින්ගෙන් වෙනස් වීමට කැමතිද? GUI වෙනුවට command line වලින් වැඩ දාන්න කැමතිද? ඒ වගේම හැමෝම software engineer, programmer වෙන්න හදනකොට කවුද ඒ හදන application වලට අවශ්‍ය servers, networking, security පැත්ත බලන්නේ? 

මෙන්න මේ හැකියාවන් හරියට හදාගන්න පුළුවන් අයට සුපිරි රැකියා අවස්ථා ඕනේ තරම්. ඒ සඳහා අවශ්‍ය මූලික පියවර වන Linux මෙහෙයුම් පද්ධතිය හා ඒ සදහා අවශ්‍ය කරන මුලික සුදුසුකම් ටික හදාගන්න අපි අරන් එන පාඨමාලාව තමයි මේ.

 

ඉහත සදහන් අවශ්‍යතා ඔබට නැති උනත්, සාමාන්‍ය පරිශීලකයෙක් විදිහට Linux ඉගෙන ගන්න එකේ වාසි මොනවද?

❇️ ඉතා වේගවත් මෙහෙයුම් පද්ධතියක් හා ප්‍රබලත්වයෙන් අඩු පරිගණක වලින් පවා වේගයෙන් වැඩ කිරීමට ඇති හැකියාව  

❇️ ඔබ GUI, Graphical User Interface වලට පුරුදු වෙලානම්, Windows හෝ Mac experience එක theme මගින් ලබා ගැනීමේ හැකියාව

❇️ Virus guard මිලදී ගැනීමට අවශ්‍ය නොවීම, අන්තර්ජාල ප්‍රහාර වලින් උපරිම ආරක්ෂාව 

❇️ ඔබගේ බොහෝ අවශ්‍යතාවයන්ට සරිලන අතිවිශාල මුදල් ප්‍රමාණයක් ඔබට ඉතිරි කරන open source apps 

❇️ හැමදෙයක්ම FREE සහ Open Source නිසා ලැබෙන මානසික සැහැල්ලුව 

❇️ අලුත් දෙයක් ඉගෙන ගැනීම තුලින් ලැබෙන නැවුම් හැගීම 

 

අපි මේ පාඨමාලාවට ආරාධනා කරලා තියෙන්නේ ලංකාවේ හොදම Linux Instructor කෙනෙකුට. ඔහු තමයි රොහාන් ද සිල්වා මහතා. ලංකාවේ දැනට ඉන්න වැඩිම සුදුසුකම් ලාභී Linux, RedHat ගුරුවරයා. 

 

විෂය නිර්දේශය - Introduction, Linux Philosophy and Concepts, Boot Process, Linux Installation, System Configuration from the Graphical Interface, Command-line Operations, Finding Linux Documentation, File Operations, Text Editors, User Environment,  Processes,  Networking etc.

 

* උගන්වන භාෂාව : සිංහල

* Authorized Training Partner of Linux Foundation  

 

විශේෂ දැනුවත් කිරීම

මෙම පාඨමාලාවේ ඇතුළත් වන්නේ අප විසින් මීට පෙර සිදු කරන ලද සජීවී පාඨමාලාවේ පටිගත කිරීම් බව කරුණාවෙන් සළකන්න.

 

* සහභාගි වීමේ සහතිකයක් සහිතයි 

Telegram