Course Structure

20 Lesson
0 Quizzes

Time

8 weeks

Level

beginner

Theory class March 2021

Pharmacy class Theory March

Meet Your Instructor

kasun lankapura

ඖෂධවේදී පාඨමාලාව ඖෂධ වේදී පාඨමාලාව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් ලියාපදිංචි හා ශ්‍රි ලංකා වෛද්‍ය විද්‍යාලය මගින් සිදු කරන ලබන පාඨමාලාවකි. මෙම පාඨමාලාව ට උසස් පෙළ ජිව විද්‍යා හෝ ගණිත අංශය හා කෘෂි විද්‍යා අංශය යන විෂය පථයන්හි නිරත දරුවන්ට මෙම පාඨමාලාව සදහා යොමු විය හැකිය. මෙම පාඨමාලාව තුන් ආකාරයකට උසස් පෙළ ප්‍රතිඵල මත දු දරුවන්‍ට සිදු කල හැකිය. 1. රාජ්‍ය ඖෂධවේදී පාඨමාලාව (Internal Pharmacist ) 2. බාහිර ඖෂධවේදී පාඨමාලාව ( External Pharmacist ) 3. ඖෂධවේදී උපාධි පාඨමාලාව ( B. Pharm Degree) බාහිර ඖෂධවේදී පාඨමාලාව (External Pharmacist Course ) උසස්පෙළ ජිව විද්‍යා , ගණිත අංශය , කෘෂි විද්‍යා අංශය වැනි විෂයන් හැදෑරු S -3 ක් සහිත දරුවන්ට මෙම පාඨමාලාව හැදෑරීමේ හැකියාව ඇත. රසායනික විද්‍යාව ඇතුළුව අනෙක් විෂයන් දෙකක් එකවර සමත් ඔබට මෙම පාඨමාලාව හැදෑරිය හැකිය . ශ්‍රී ලංකා වෛද්‍ය සභාව හා ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යාලය මගින් මෙහෙයවනු ලබන මෙම පාඨමාලාව වසර දෙකකි. මෙම පාඨමාලාව සදහා වයස් භේදයක් නැත. පාඨමාලාව හැදෑරිය හැකි වනුයේ....... 1.උසස් පෙළ (S-3) සහිත සිසුන්ට 2. සරසවි වරම් හිමි වූ සිසුන්ට 3.ගුරු වෘත්තීයේ නියුතු 4. හෙද හා පවුල් සෞඛ්‍ය සේවයේ නියුතු 5.මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට 6.උපාධිදාරින්ට 7. ඉංජිනේරුවන්ට වැනි විශාල පරාසයක සේවයේ නියුතු ඔබ හට මෙම පාඨමාලාව හැදෑරිය හැකිය. මෙම ඖෂධවේදී බාහිර පාඨමාලාව , අනෙකුත් පාඨමාලාවන් හදාරන සිසුනට අමතර දැනුම හා ආර්ථික වශයෙන් ප්‍රයෝජනවත් වේ. අවම සුදුසුකම් :- උසස්පෙළ රසායන විද්‍යාව ඇතුළුව විෂයන් තුනක් සමත් වීම පමණි.. (බලාපොරොත්තු ප්‍රතිඵල සමග ද හැදෑරිය හැකිය) උසස් පෙළ ප්‍රතිඵල අපේක්ශිත දූ දරුවන් පාඨමාලාව ආරම්භ කර , ප්‍රතිඵල පැමිණි පසු වෛද්‍ය සභාවේ ලියාපදිංචි විය හැකිය ඖෂධවේදීයා යනු ? (Pharmacist ) ඖෂධවේදීයා (Pharmacist ) යනු හුදෙක් රැකියාවක් නොවන අතර වෘත්තීය වේදියෙකු වේ. මෙය ගෞරවාන්විත රැකියා වක් වන අතර වෛද්‍යවරුන් හා රෝගියා අතර ප්‍රධාන සාධක දෙක සමග ගනුදෙනු කරන වෘත්තීය වේදියෙකු වේ බාහිර ඖෂධවේදී පාඨමාලාව තෝරාගත යුත්තේ ඇයි ? මෙම පාඨමාලාව හැදෑරු සිසුනට 1. Community pharmacist 2.Hospital pharmacist 3.Research and development 4.Pharmaceutical Packaging and Technology 5.Drug Regulatory affairs 6. Quality assurance /Quality control 7.Formulations and Developments 8.Production and manufacturing 9.Academics 10.Marketing 11.Government jobs 12.Regulators and Bodies 13.Chemist shop 14.Higher Studies Community Pharmacy "සිල්ලර ප්‍රජා ඔසුසල" යනුවෙන් අදහස් වන්නේ ස්වාධීන ඔසුහලක් ,දාම ඔසුහලක් ,සුපිරි වෙලදසැල් ඔසුසලක් හෝ රජය විසින් ඔසුසලක් ලෙස බලපත්‍ර ලබා දී ඇති සාමාන්‍ය ජනතාවට සිල්ලර මිලට (Retail Pharmacy ) ඖෂධ ලබා දෙන වෙලදසැලකි. Hospital Pharmacy මෙම පාඨමාලාව හදාරන හෝ හදාරා ඖෂධවේදීයෙක් වු සිසුන් හට පෞද්ගලික හෝ අර්ධ රාජ්‍ය රෝහලක පුහුණු වන ඖෂධවේදීයකු ලෙස (Trainee Pharmacist ) හෝ ඖෂධවේදීයකු ලෙස සේවය කල හැක Research and Development නව ඖෂධ සොයාගැනිම් හා සොයාගත් ඖෂධ වැඩි දියුණු කිරීම මෙම ක්ශේත්‍රයේ ප්‍රවීන ඖෂධ වෙදීන් විසින් සිදු කරයි Drug Regulatory affairs ඖෂධ , වෛද්‍ය උපකරණ , රූපලාවණ්‍ය යනාදීය ශ්‍රී ලංකාව තුල ලියාපදිංචිය , ශ්‍රී ලංකාවට ආනයනය කිරීම . ශ්‍රී ලංකාවේ නිශ්පාදනය , නැවත ඇසුරුම් කරනය හා තත්ත්වයන් නියාමනය කිරීම මෙම අධිකාරිය මගින් සිදුකරයි මෙහි විශේෂිත වු කාර් යයන් භාරයක් ඖෂධවේදීයා විසින් සිදු කරයි. Drug Impacter/Manufacturing ශ්‍රී ලංකාව තුළ ඖෂධ , වෛද්‍ය උපකරණ ,සුවද විලවුන් නිශ්පාදනය , රට තුලට ගෙන්විම වැනි කාර් යයන් සදහා ඖෂධවේදී බලපත්‍රය අවශ්‍ය වේ. Academics ඖෂධවේදී උපාධිය සම්පුර්ණ කල සිසුවෙකුට තවත් විශ්වවිද්‍යාල ආයතන හෝ ඖෂධවේදින් (රජයේ) පුහුණු ආයතන * කලුතර සෞඛ්‍ය විද්‍යා ආයතනය *කොලඹ ඖෂධවේදී පුහුණු ආයතනය වැනි ආයතන තුල ඉගෙනිමේ කටයුතු කල හැක.

Telegram